Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් භාවිත කළ කොළඹ විජේරාමයේ පිහිටි නිල නිවස නිත්‍යානුකූල අයුරින් මෙතෙක් භාරදී නොමැත්තේ ආණ්ඩුවේ ප්‍රමාදයක් හේතුවෙන් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. එම නිල නිවසේ රජයට අයත් බඩු බාහිර ආදිය හඳුනාගෙන ඒවා සලකුණු කරන ලෙසට අදාල නිලධාරින්ට දැනුම්දී තිබුණ ද එම කටයුතු මෙතෙක් සිදුකර නොමැති බවයි ඔහු කියා සිටියේ.