Published
2015 වසරේ මහත් ආන්දෝලනයකට දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් පැහැර ගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණය දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් කල ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබා දීම පසුවට කල් තැබුවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වුණා.




