2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල විසින් විදුලි ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමටයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත්තේ.

එහිදී මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි වනවා.

වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන අතර වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වීමට නියමිතයි.

මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.