මෙම වසරේ අවසන් කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මෙම වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 6.8ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් මහජන මත විමසීමෙන් අනතුරුව සියලු කරුණු සලකා බලා සිදු කළ ගණනය කිරීම් අනුව සිය තීරණය අද ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.