විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි ආයතන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා පැවසුවේ අද දිනය තුළ මෙම කටයුත්තට අදාළ සියලුම අධ්‍යයනයන් සිදු කර අවසන් කරන බවයි.

මේ වන විට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට වාචිකව සහ ලිඛිතව යෝජනා 1,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.