Published
මේ වනවිට විදුලි සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අද පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දහවල් සියලු වෘත්තිය සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවයි.
කෙසේවෙතත් මෙම විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතරද ඇත්තේ විවිධ අදහස්.
මේ, ලංකා විදුලිබල මණ්ඩලයේ නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා.
කෙසේවෙතත් ලංකා විදුලි සේවක සංගමයේ සංවිධායක ලේකම් ප්‍රභාත් අර්ජුන මහතා පළ කළේ මෙවන් අදහසක්.
විදුලි බල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.




