Published
සිය වාත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 22 වනදා සිට ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ දෙවන අදියර ලබන 21 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.
සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද ඔහු කියා සිටියා. කෙසේවෙතත් වර්ජනයේ නිරත වන වෘත්තීය සමිති සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටලුවලට වත්මන් රජය ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙලෙස අදහස් පළ කළා.