සිය ඉල්ලීම්වලට බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබලමණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන අදියරේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා දැඩි කළ බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවද ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා අදහස් පළ කළා.

හෙට සහ අනිද්දා දෙදින විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.