මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව පස්වරු 03ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී එය ආරම්භ කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාද සහභාගී වීමට නියමිතයි.