Published
මුදල් ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් සහ මෙරට විදේශ තානාපති කාර්යාලවලින් ලබා ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
මෙහිදී මෙරට මුදල් ඒකකයෙන් (රුපියල්) මෙන්ම ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන්ද එම ආධාර බැර කළ හැකි අතර ඒ සඳහා ගිණුම් අංක දෙකක් ලබා දී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ ශ්‍රි ලංකාවේ සිටින විදේශ තානාපතිවරු සහ විදේශයන්හි ශ්‍රි ලංකා තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙම තොරතුරු ලබා දෙන ලදී.




