විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 23) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන (DMC) පරිශ්‍රයේදී පැවැත්වි තිබෙනවා.
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශීය මානුෂීය ආධාර කළමනාකරණය, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස බෙදා හැරීම ශක්තිමත් කිරීම සම්බන්ධ කරුණු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වි ඇත.
මෙම හමුවේදී, අතිරේක ලේකම්වරයා සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳ සවිස්තරාත්මක කරුණු දැක්වීමක් සිදු කරන ලැබුවා.
විදේශ ආධාර ගබඩා කළමනාකරණය කිරීමේ වගකීම් පැවරීම මෙන්ම, සහන ද්‍රව්‍ය නිවැරදිව භාර ගැනීම සහ ඒවා පිළිබඳ සොයාබැලීම සඳහා නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ පාදක සටහන් තැබීමේ පද්ධතිය විධිමත් ලෙස භාරදීම සහ භාවිතයට ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.
මෙම ක්‍රියාවලියට අදාළ මෙහෙයුම් සහ පරිපාලනමය ගැටලු පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ගැඹුරින් විමසා බැලූ අතර, ඒවා කඩිනමින් විසදීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහන ආධාර විධිමත්ව බෙදා හැරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අවශ්‍යතා හඳුනාගැනීමේ තක්සේරුකරණයක් සිදු කිරීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වූ අතර, වෛද්‍ය සහ ප්‍රථමාධාර ද්‍රව්‍ය වේයන්ගොඩ ගබඩාව වෙත වෙන් කිරීමටත්, අනෙකුත් සහන ද්‍රව්‍ය නියමිත ගබඩා මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටත්, මෙහිදී තීරණය කර තිබෙනවා.
මීට අමතරව, ගබඩා මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරුණා.
එමෙන්ම, විදේශ සහන ආධාර දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත කඩිනමින් ලබාදීමේ ක්‍රියාවලිය තුළ පාරදෘශ්‍යභාවය, කාර්යක්ෂමතාව සහ කාලෝචිතභාවය තහවුරු කිරීමේ අරමුණින්, අදාළ බලධාරීන් වෙත අඛණ්ඩව ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද කමිටුව මෙහිදී දීර්ඝව විමසා බලා තිබෙනවා.
මෙම අවස්ථාවට කමිටු සාමාජිකයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයින් පිරිසක් ද, සහභාගි වී තිබෙනවා.





