අදත් පාර්ලිමේන්තුව ආරම්භයේම විවාදාත්මක තත්ත්වයක් මතුවුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන්.

විපක්ෂ නායකවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කළා.

විපක්ෂ නායකවරයාගේ අදහස් දැක්වීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මෙම විවාදාත්මක තත්ත්වයට මැදිහත් වුණා.

පසුව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු සවස 06යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.