පාර්ලිමේන්තුව අද අවස්ථා කිහිපයකදී උණුසුම් වුණා.

ඒ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂක ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම මුල්කර ගනිමින්.

ඊට අදාලව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කරුණු දැක්වූ අතර ඉන්පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අදහස් පළ කළා.

එහිදී සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද ඊට මැදිහත් වුණා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියට ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේද අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා අතර ඇති වුණේ මෙවන් සංවාදයක්.

ඉන් අනතුරුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අදහස් පළ කළා.