Published
ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට විරෝධතා වැඩසටහනට සිය පක්ෂයට ආරාධනා කර නොමැති බව ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එම විරෝධතාව පවත්වන්නේ නම් තම පක්ෂයට ආරාධනා නොකළේ ඇයිද යන්න ගැටලුවක් බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ.




