විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හදිසි සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නාරාහේන්පිට පිහිටි නිවසේදීයි.
එහි වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වුණේ.
එමෙන්ම නොවැම්බර් 21වනදා නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් අද දිනයේද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, නොවැම්බර් 21 වනදා දින පැවැත්විමට නියමිත රැළිය සම්බන්ධයෙන් අද දිනයේද විවිධ අදහස් පළ වුණා.
සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කළා.
පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි නායක උදය ගම්මන්පිල මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාර අදහසක්.
ජනතාව ලබන 21 වනදා නුගේගොඩට පැමිණෙන්නේ ආණ්ඩුවට පණිවිඩයක් ලබා දීම සඳහා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවේ.
කෙසේවෙතත් විපක්‍ෂයට යළි ආණ්ඩු බලය හිමි නොවන බවට ජාතික ජනබලවේගය දැඩි ලෙස විශ්වාස කරන බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා කියාසිටියේ.




