අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීමේදීද ඊට පක්ෂව ඡන්දය ලබා දීමට විපක්ෂයේ වතුකරයේ මන්ත්‍රීවරුන් අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදීද ඊට පක්ෂව තමන් ඇතුළු වතුකරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දුන්නේ වතු කම්කරුවන්ට දෛනිකව ලබා දෙන දීමනාව ඉහළ දැමීමට රජය යෝජනා කිරීම හේතුවෙන් බවයි ඔහු කියා සිටියේ.
මේ අතර අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා පැවසුවේ අයවැයෙන් වෛද්‍යවරුන්ට සහනයක් හිමි වී නොමැති බවයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් අයවැයෙන් අවධානය යොමු කළද එම දරුවන්ට පූර්ණකාලිනව ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට ලබා දෙන ධෛර්ය දීමනාව අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ දීමනාව පෙර පරිදිම එම ගුරුවරුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසයි.




