ජනතාව අවධානයෙන් සිටින සිදුවීම්වලට අදාල පොලිස් විමර්ශනවල තොරතුරු අධිකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව හෙළි වූ තොරතුරු ඉකුත් දා වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය වෙත අනාවරණ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

මේ අතර පොලිසිය සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ වැඩිමහල් පුත්‍රයා වන විදානගමගේ ඉඳුවර අමේෂ් මාධෙව් ඊයේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.