හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිට ලබාදුන් ප්‍රකාශයට අදාල තොරතුරු පොලිසිය අද මාධ්‍ය වෙත නිකුත් කළා.

ඔහු මෙලෙස විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේ “පුවක්දණ්ඩාවේ සනා” නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳ සිදු කරන විමර්ශනයකට අදාලවයි.

කෙසේවෙතත් සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ තමන් දුන් ප්‍රකාශය පොලිසිය විසින් විකෘති කර මාධ්‍ය වෙත ලබා දී ඇති බවයි.

එමෙන්ම තමන් ලබා දුන් ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ සටහන් කර තිබෙනවා.