හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි

ඉන් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2016 පෙබරවාරි 6 වනදා කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට එහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පළ කරමින් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.