අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස එක් ලක්ධ අසූහය දහසක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 03කට බලපෑම් එල්ල වී තිබෙනවා.

පසුගිය 16 වනදා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස දෙලක්ෂ පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර නාය යෑම් හේතුවෙන් මාර්ග රැසක් ද විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වියට්නාමය ගත වූ සති කිහිපය තුළ සුළි කුණාටු තත්ත්වයන් කිහිපයකම බලපෑමට ලක්වුණා.