විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

එම ගැටලු විසඳීමට අවශ්‍ය ඇතැම් පියවර මේ වන විටත් ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්, මහාභාණ්ඩාගාරය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.