පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය අද පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තු ඉතිහාසයේ මීට පෙර විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී නැහැ. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගත හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට යම් විවාදයක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරණ මතය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පල කළා.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට පදනම් වී ඇති කරුණු සැලකිල්ලට ගෙන ඊට සහාය නොදෙන බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.