ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් ඇති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බොහෝවිට අද දිනයේ එම ධීවර යාත්‍රාව ගොඩබිමට ළඟාවීමට නියමිත බවයි.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී එම ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනුණා.

එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.