Published
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස් ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා ජංගම පරික්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
ඇතැම් බස් රථ රියදුරන් විෂ මත්ද්‍රව්‍ය වර්ග භාවිත කර බස් ධාවනය කරන බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.
එය බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවට මෙන්ම මහමඟ ගැවසෙන සියලු දෙනාටම අනාරක්ෂිත තත්ත්වයක්.
ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙලෙස අදහස් දැක්වූවා.




