රජය විසින් නියම කර ඇති වී සඳහා වන සහතික මිල පිරිවැය අනුව සලකා බලන විට සාධාරණ මිලක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ගොවි ජනතාව මුහුණපා සිටින ගැටලු සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම විවාදයට එක් වූ අතර ඔහු කියා සිටියේ දැනට වී සඳහා නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවයි.

විවාදයට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා.