කොහුවල පොලිස් වසමේදී ඉකුත් ජුනි මස 15 වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර පළා යාමේ සිද්ධියට අදාළව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.