මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.

 

​එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව වනවා.

​සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙනිය පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.