Published
සිය පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබාදුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූලව විනය පරික්ෂණ පවත්වා පසුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ඉදිරියේදී සිදු කරන පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අදහස් පළ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කළා.




