අද රාත්‍රියේ උදා වන නත්තල සැමරීමේදී වෙනත් වසරවලට වඩා සංවේදී තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් රටට සිදුවූ බලපෑම ඊට හේතුව බවයි පියතුමන් පැවසුවේ.

මෙවර නත්තල සැමරීමේදී දිට්වා සුළි කුණාටුවෙන් පීඩිවට පත්වූවන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ.

අද මධ්‍යම රාත්‍රියෙන් උදා වන නත්තල වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.