වෙන්නප්පුව - කම්මල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී අනතුරට ලක්වූ විදේශිකයෙකු ජීවිතක්‍ෂට පත්ව තිබෙනවා.

එම විදේශිකයා රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටියදී ඔහු බේරාගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම විදේශිකයා ජීවිතක්‍ෂට පත්ව තිබෙනවා.

71 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු වන ඔහු මෙරට කාන්තාවක් සමග විවාහ වී පසුගිය වසරේ මීගමුව - කුඩාපඩුව ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.