වෙන්නප්පුවේදී අනතුරට ලක්වූ ගුවන් හමුදා හෙලිකොප්ටරයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ නිලධාරීයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අදාළ හෙලිකොප්ටරය අනතුරට ලක්වන අවස්ථාවේ එහි සිය සාමාජිකයන් පස්දෙනෙකු සිටි බවයි ගුවන් හමුදාව පැවසුවේ.

අනතුරට ලක් වු ඔවුන් කඩිනමින් බේරා ගෙන මාරවිල රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී අදාළ හෙලිකොප්ටරයේ ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට පත් වු බවයි ගුවන් හමුදාව පැවසුවේ.

රෝහල් ගත කළ අනෙක් ගුවන් නියමුවා සහ එම යානයේ කාර්ය මණ්ඩලයේ ගුවන් හමුදා සාමාජිකයන් තිදෙනා ඊයේ රාත්‍රි එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අනතුරෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බවයි ගුවන් හමුදාව පැවසුවේ.

මේ අතර අදාල හෙලිකොප්ටර් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසට ගුවන් හමුදාපතිවරයා විසින් ගුවන් හමුදා ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.