සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන 26 වනදා රැස්වන මධ්‍යම කාරක සභාවේදි තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ විෂය භාර අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි දැක්වූ කරුණු පිළිබද එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි.

සිය සාමාජිකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග හතරක නිරත වී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.