Published
සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද (5) පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා වෛද්‍යවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මකයි.
ඊයේ රැස්වූ සිය විධායක සභාවේ තීරණයකට අනුව එලෙස තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම සංගමය පසුගිය දිනවලදී ද වර්ජනයේ නිරත වුණා.
මේ හේතුවෙන් රෝහල් වෙත පැමිණි ජනතාව ද දැඩි අපහසුතාවන්ට ලක්වුණා.




