පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන් කඩුලු 07ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීම තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 07ක් බිඳ වැටී රැස්කළ ලකුණු සංඛ්‍යාව 128ක්.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 41ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ලකුණු 25හේ සීමාව පසුකර යාමට පකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 03කදී තරඟය පහසුවෙන් ජය ගත්තා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත පහරවල් එල්ල කළ සහිබ්සාඩා ෆර්හාන් නොදැවී ලකුණු 85ක් රැස් කළේ පන්දු 48කට මුහුණදෙමින්.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත්තා.
ඒ අනුව තුන්කොන් තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙ ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වනවා. ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.




