Published
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 49යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 240ක් රැස් කරගෙන සිටියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ නායිකා නතාලි රූත් නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 109ක්.
පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 03ක් සහ සුගන්දිකා කුමාරි කඩුලු දෙකක් බිඳ හෙළුවා.
උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂා දිල්හාරි අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.