බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවට පහර දෙන අවස්ථාවේ තරගයේ ස්වභාවය අනුව පිටිය තුළදී සැලසුම් ක්ෂණිකව වෙනස් කිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය පහසු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජය ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම, ජයග්‍රාහී රිද්මය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පන්දු වාර විස්සයි විස්ස තරගය ලබන ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.