ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සංවිධානය කරන ” ශ්‍රී ලංකා මිත්‍රත්ව පා පැදි සවාරිය ” සදහා සහභාගී වීමට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගකරුවන් 20 දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දෙවන වරටත් සංවිධානය කරන මෙම පා පැදි සවාරිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගතරගකරුවන් 20 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ද වාර්තා වනවා.

දින 03 ක් තුළ පවත්වන මෙම පා පැදි සවාරිය 07/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ අසළින් ආරම්භ වී කොළඹ , බෙන්තොට , හික්කඩුව , ගාල්ල , මිරිස්ස , දික්වැල්ල ඔස්සේ පැමිණ හම්බන්තොට ෂැංග්‍රිල්ලා හෝටලය අසළින් නිමාවට පත් වීමට නියමිතයි.

මෙම පා පැදි සවාරිය අවසානයේ චීනයේ ග්වැන්ෂෝ පා පැදි සංගමය විසින් මෙරට පා පැදි තරගකරුවන් හට පා පැදි තරග සදහා භාවිතා කරන පා පැදි , පාවහන් , හිස්වැසුම් , ජර්සි ඇදුම් ඇතුළු විශාල ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම චීන පා පැදි තරගකරුවන් පිරිස චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් එහිදී උසස් අන්දමින් පිළිගැනීමට මෙම පා පැදි සවාරියේ සංවිධායකවරුන් පියවර ගෙන තිබුණා.