ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාව්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානයේදී අද ආරම්භ වනවා.

තරඟාවලිය ආරම්භ කරමින් පළමුව තරඟ වඳින්නේ සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සහ සිම්බාව්වේ කණ්ඩායමයි.

එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේදී සහභාගී වන පළමු තරඟය ලබන 20 වනදා සිම්බාව්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 29 වනදා පැවැත්වෙන අතර එම සියලුම තරඟ රාවල්පිණ්ඩි ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අසනීප වී සිටීම හේතුවෙන් මෙම තරඟාවලියට සහභාගි වන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට පැවරී තිබෙනවා.