දෙවන විස්සයි විස්ස තරඟය පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් පරාජයට වීමත් සමග නිසි සැලසුමක් යටතේ තෙවන තරඟය ක්‍රීඩා කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය පහසුවෙන් ජය ගැනිමට හැකි වූ බව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිශාර පවසනවා. දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු 08කින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 191ක් රැස් කළා. ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කර ගනිමින් තරඟය ජය ගත්තා.