Published
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟ වදින පළමු තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි. ඒ, ඩුබායි ක්‍රීඩාංගනයේදීයි. අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහළ මානසිකත්වයකින් තරඟවැදීමට සූදානමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසුවේ.