ඇමරිකා එක්සත් ජනපදයේ *ඇලබාමා හි පැවති 2025 ලෝක පොලිස් සහ ගිනි නිවන ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට උප පොලිස් පරීක්ෂක මධුක දුලාංජන සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) සේවය කරන ඔහු අවසන් පූර්ව තරගයේදී, ඔහු සිංගප්පූරුවේ ප්‍රතිවාදියෙකුට එරෙහිව 2-0 ජයග්‍රහණයක් ලබා ගත් අතර අවසන් මහා තරගයෙදී චීන තායිපේ තරඟකරුවෙකු හමුවේ දැඩි තරඟයකට මුහුණ දෙනු ලැබුවා.
ඒ අනුව 2-1ක් ලෙස මධුක දුලාංජන පරාජයට පත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
ජාත්‍යන්තර වේදිකාවේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් විවෘත පිරිමි ඒකල බැඩ්මින්ටන් ඉසව්වට තරඟ කරනු ලැබුවා.
එහිදී මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය සහ කැනඩාව ඇතුළු රටවල ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව තරඟ කළ අතර, කණ්ඩායම් ශූරයා බවට පත්විය.