Published
රටපුරා ඇදහැළෙන වැසි තත්වය නිසා මේ වනවිට මාර්ග බොහොමයක් වසා ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ වෙත සේවා සදහා වාර්තා කරන ශ්රී ලන්කන් ගුවන් සේවයේ සහ අනෙකුත් කාර්යය මණ්ඩල මෙම පසුබිම යටතේ අපහසුතාවයට පත් වී තිබෙන බව වාර්තා වනවා.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් ගුවන් ගමන් පහසුකම් සළසා ගැනීමට බලාපොරොත්තු වන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර , එම ගුවන් යානා පිළිබද තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු , පමණක් ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානී දීපාල් පෙරේරා මහතා සදහන් කර සිටියේ.




