Published
“ශාක්‍ය මුණිවර ධාතු වන්දනා” සර්වඥ ධාතූන් වහන්සේ ප්රමුඛ මහරහතුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේ වන්දනාව හෙට උදෑසන 07.00 සිට ආරම්භ වනවා.
ඒ, ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදීයි.
ඊට සමගාමීව සවස 07.00 සිට රාත්‍රී 09.00 දක්වා පූජනීය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවත්වන සුවිශේෂී ධම්දෙසුමක් ශ්‍රවණය කිරීමට ද සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී පුජ්‍ය මෛාරවක කල්‍යාණසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ සංවිධාන කරන මෙම පුණ්‍යකර්මයට සංවිධාන සවිය ජයලත් ආර්ට් නිර්මාණ ආයතනය හා “සසුන්කෙත අස්වද්දමු මිතුරු කැල” විසින්.
මාධ්‍ය සත්කාරය නෙත් එෆ් එම් රේඩියෝවයි.




