බිනර පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන් පොහෝ දිනක සිදුව ඇති බවයි කොළඹ මහානාම විද්‍යාලයේ සහකාර විදුහල්පති, පොල්ගස්ඕවිට සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්‍ෂු මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ.

අද වන් පොහෝ දිනක බෞද්ධ සැදැහැවතුන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද උන්වහන්සේ අදහස් පළ කළා. මේ අතර නෙත් එෆ් එම් ශ්වේත පූජා සජීවී වැඩසටහන අද දවස පුරා පොතුහැර අත්තනපිටිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ නෙත් විශේෂ නියෝජිත සමීර බණඩාර වීරකොන් සමගින්.