ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මළළ ක්‍රීඩා තරඟාවලියේ අනු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියා.

එම තරඟාවලියේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමග සමස්ථ පදක්කම් 40ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි අනු ශූරතාවය දිනා ගනු ලැබුවා.

එහිදී රන් පදක්කම් තුනක් දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ෂෆියා යාමික් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.