Published
සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හුනුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පවතින සංඥා පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බැවින් මෙම ප්රමාදය සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ප්රධාන මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රියන් එලෙස ප්රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.