බස් ගාස්තු සියයට 2යි දශම 5කින් අඩු කිරීමට ගනු ලැබු තීරණය අනුව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහිදී අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර ජුලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් හිමියන්ගේ සංගම් විරෝධය පළ කර තිබෙනවා.

ජාතික ප්‍රතිපත්තියට අනුව සිදු කෙරෙන මෙම සංශෝධනයට විරුද්ධ වන්නේ ඇයි දැයි නෙත් නිවුස් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් ප්‍රශ්න කළා.

ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා.