සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට එම පක්ෂය තුළ මත ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ඒ, සමගි ජන බලවේගය ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පරාජයට පත්වීමත් සමගයි.
මීට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පරාජයට පත් වීමත් සමග එවැනිම මත ගැටුමක් පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරුන් අතර ද ඇති වුණා.
කෙසේවෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්රකාශයට පත් කිරීමත් සමඟ එම මත ගැටුම් අවම වූ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් සමගි ජනබලවේග පක්ෂය තුළ මතුව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ නෙත් නිවුස්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා.
එහිදී ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය නැවත ප්රතිව්යුහගත කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් සිය පක්ෂයේ ප්රධානීන් සමග සාකච්ඡා කර ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.