ඉදිරි මාස කිහිපය තුළ සිය පක්ෂය තුළ නව ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ළඟදීම සිය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද රැස්වන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ.