ඉරානය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් මගින් නිවේදනය කර ඇත්තේ සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බවයි.

අමෙරිකානු ආක්‍රමණයට සහ සිය දේශය ආරක්‍ෂා කිරීමේ සිය ජනතාවගේ ආදර්ශමත් ස්ථිරභාවය සහ එකමුතුකම මෙන්ම සාර්ථක මිසයිල මෙහෙයුම් සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය කර තිබෙනවා.

එම සටන් විරාමය කුමන කාල පරාසයක් තුළ ක්‍රියාත්මකදැයි නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.

කටාර් හි පිහිටි අමෙරිකානු අල් උදෙයිද් කඳවුරට එල්ලකළ ප්‍රහාරවලින් කෙටි වේලාවකට පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සමග සටන් විරාමයකට ආයාචනා කළ බවද ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.